Thursday, April 25, 2024

General line - 0115112241

කතාවක් නැති එක ගැන රාජ්‍ය ඇමති දොස් කියයි




නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය විසින් සංවිධාන කර ඇති උත්සවයක් සම්බන්ධයෙන් එම විෂය භාර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අප‍්‍රසාදය පළ කරනවා.

මෙම උත්සවය සංවිධාන කර ඇත්තේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ බටංගල මණ්ඩපය විවෘත කිරීම සඳහායි. එහිදී ජනතාව ඇමතීමට අවස්ථාව ලබා දී ඇත්තේ එකම පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් දෙදෙනෙකුට පමණක් බවද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කිසිවෙකුටත් ජනතාව ඇමතීමට අවස්ථාවක් ලබාදී නොමැති බවද පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍ය කබීර් හෂීම්, රාජ්‍ය අමාත්‍ය චම්පික පේ‍්‍රමදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජිත් සංජය පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංදීප් සමරසිංහ යන අයට මෙම උත්සවය සඳහා ආරාධනාවක් හෝ සිදුකර නොමැති බවයි.

මේ ආකාරයෙන් රාජ්‍ය උත්සවයක් සංවිධාන කිරීම ආණ්ඩුවේ සම්මුතිවාදයට පටහැනි බවද මෙවැනි අතපසුවීම් මින් පසු සිදුනොවිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.