Saturday, April 20, 2024

General line - 0115112241

ඇතැම් SAITM සිසුන් උසස් පෙළ අසමත්!




මතභේදයට ලක්ව තිබෙන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන ඇතැම් සිසුන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ ද අසමත්වූවන් බවට ජාතික හෙළ උරුමය අද (07) චෝදනාවක් කළා. ඔවුන් මෙම චෝදනාව කළේ ඇතැම් අය යෝජනා කරන පරිදි මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමුවහොත් එහි දැනට ඉගෙනුම ලබන සිසුන්ට කුමක් සිදු වන්නේදැයි අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමකදීයි.

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම වෙනුවට කළ යුත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉඩකඩ වැඩි කර ගෙවීමේ පදනම යටතේ වැඩිපුර සිසුන් පිරිසක් ඊට ඇතුළත් කර ගැනීම බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේද මෙම යෝජනාව ඇතුළත් වූ බව උරුමයේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් මහතා කියා සිටියා.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තිබෙන්නේ ලෝකයේ විශ්ව විද්‍යාල අතර 17000 වන ස්ථානයේ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. කොළඹ විශ්ව විද්‍යාලය පසුවන්නේ එහි 2092 වන ස්ථානයේයි.