Friday, April 26, 2024

General line - 0115112241

හමුදාවේ පිරිසක් උතුරේදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් සැකයක්




යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තවත් ජාතිවාදී ක්‍රියාවක් දැයි ජාතික සංවිධාන එකමුතුව සැක පළ කරනවා.

පූජ්‍ය ඛෙංගමුවේ නාලක හිමියන් පැවසුවේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් වැනි දේශපාලනඥයන් කටයුතු කරන්නේ ජාතිවාදී අදහස්වල පිහිටා බව නැවත නැවත තහවුරු වෙමින් ඇති බවයි.

එම නිසා දෙමළ විනිසුරුවරුන් විශ්වාස කළ නොහැකි බවත් ඛෙංගමුවේ නාලක හිමි පවසනවා.ට

මේ අතර යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ඉකුත්දා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පුද්ගල අතුරුදන්වීම් දෙකක් සම්බන්ධයෙන් නඩුවකට අදාළවයි.

අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බවටද සැක කෙරෙනවා.