Friday, April 26, 2024

General line - 0115112241

‘නව නිර්දේශය පීඩාකාරි‍‘ – සිංහල සහ සාහිත්‍ය හැලූනහොත් ව්‍යසනයක් අත ළඟ!




ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය සඳහා විෂය නිර්දේශ සකස් කිරීමේදී දියුණු වෙනත් රටවල විෂය නිර්දේශද අධ්‍යයනය කළ යුතු බව විද්වතුන් පෙන්වා දෙනවා.

කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ අනවශ්‍ය තරම් පීඩාකාරි විෂය නිර්දේශ සකස් කිරීමෙන් ළමයින් යාන්ත්‍රික හැදෑරීමකට හුරුවිය හැකි බවයි.

නිර්මාණශීලී ලෝකය සමග ඉදිරියට යාමේ අවස්ථාවද එ් නිසා ඔවුන්ට අහිමි විය හැකි බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙම අදහස් පළ කළේ මතභේදයට ලක්ව තිඛෙන උසස් පෙළට හඳුන්වාදීමට නියමිත නව සිංහල විෂය නිර්දේශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදියි.

සිංහල විෂය සඳහා මුලින් සකස් කෙරුණු නව නිර්දේශය කිහිපදෙනෙකු විසින් අයථා ලෙස වෙනස් කර තිඛෙන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් මීට පෙර කියා සිටියේ.

එහිදී එම විෂය නිර්දේශය අනවශ්‍ය ලෙස පීඩාකාරී වී ඇතැයිද එ් නිසා ළමයින් සිංහල විෂයෙන් ඈත්වීමට ඉඩ තිඛෙන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.

එ් පිළිබඳ කළ විමසීමකදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ සිංහල සහ සාහිත්‍ය වැනි විෂයන්ගෙන් ළමයින් ඈත්වීම ව්‍යසනකාරී ප්‍රතිඵල ඇති කළ හැකි බවයි.

උසස් පෙළ සඳහා සිංහල විෂය හදාරණ ළමයින් පමණක් නොව වෙනත් ඕනෑම විෂයක් හදාරණ ළමයින්ද සාහිත්‍ය කෙරෙහි නැඹුරු කරන පරිදි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.