Thursday, April 25, 2024

General line - 0115112241

එජාප – ශ්‍රිලනිප මන්ත්‍රීලා සභාවේ ඇර ගනිති




වරකාපොළ සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන වාණිජ කටයුතු රාජ්‍ය ඇමති චම්පකා ප්‍රේමදාස (එජාප) සහ දැදිගම ශ්‍රිලනිප සංවිධායක කිත්සිරි විජෙතුංග යන මහත්වරුන් අතර ඊයේ (13) සංවර්ධන කමිටු රැස්වීමේදි ඇතිවූ මත ගැටුමක් පසුව කිත්සිරි විජේතුංග මහතා සභාපති මේසය මත වාඩිවි කමිටු රැස්වීමට විරෝධය පලකරිම නිසා සභාවේ නොසන්සුන් තත්වයක් ඇතිවිය

මෙම විරෝධය හේතුවෙන් සභාවේ සිටි රාජ්‍ය නිළධාරින් අතර උනුසුම් තත්වයක් ගොඩනැගෙමින් තිබියදී මුලසුනේ සිටි වරකාපොළ සහකාර ප්‍රාදේශීය ලේකම් පී.අමරසිංහ මහත්මිය සභාවේ කටයුතු අතරමග නතර කිරීමෙන් පසු සියලු දෙනාම විසිර ගියහ.