Friday, April 19, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රකාශය ගැන දොස්තරලා උද්දාමයෙන්




රටේ බියක් සැකක් නොමැතිව ජීවත්විය හැකි සුරක්ෂිතභාවයක් බිහිකළ හමුදාපතිවරුන් බුද්ධි අංශ නිළධාරීන් දේශ හිතෛෂී පිරිස් අඩපණ කිරිමට හෝ විනාශ කිරීමට ගන්නා අදූරදර්ශි දේශපාලන උත්සහය පිටුදැකිමට ජනපති ගන්නා උත්සහය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පැසසුමට ලක්වනවා.

අල්ලස් කොමිසම, රහස් පොලිසිය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වන්නේ නම්, තමන් ඒ සම්බන්ධව තීන්දු තීරණ ගන්නා බවට ජනාධිපතිවරයා ප්‍රකාශය කරමින් රටේ ස්වාධිනව පැවැතිය යුතු ආයතන වල ස්වාධිනත්වය ආරක්ෂා කිරිමට දක්වන උනන්දුව තම සංගමයේ පැසසුමට ලක්වන බවත්, ඒ සම්බන්ධව ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බවත් රජයේ වෛද්‍ය නිළාදරින්ගේ සංගම් මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් පවසා සිටියා.