Friday, March 29, 2024

General line - 0115112241

ගෝඨාත් ජනපතිගේ පැත්තේ! (හඬපට සහිතයි)




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමාද වී හෝ සත්‍ය තේරුම් ගැනීම සම්බන්ධයෙන් සතුටට පත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු එ් බව පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශක කොට්ඨාසය සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවද විවේචනය කරමින් ජනාධිපතිවරයා ඉකුත්දා කළ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් බී බී සී ලෝක සේවයට අදහස් දක්වමින්.

ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විවේචනාත්මකව කතා කිරීම පිළිගත නොහැකි තත්වයක් බවද ගෝඨාභය රාජපක්ෂ මෙහිදී කියා සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජපක්ෂවරුන් අතර කිසියම් රහස් එකඟතාවක් ඇති වී තිබේ දැයිද බී බී සී ලෝක සේවය ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ එවැනි කිසිදු රහස් එකඟතාවක් තමන් අතර නොමැති බවයි.