Friday, March 29, 2024

General line - 0115112241

වෛද්‍යවරුන්ට පත්වීම් දෙද්දීම වර්ජන තහනම් කරයි?




වෛද්‍ය සභාව වෙනස් කරන්නැයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සමිතිය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති නීතිඥ ටී එම් කේ බී තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව ස්වාධීන ආයතනයක් නොවන බවයි. මෙරට වෛද්‍ය සභාව පිහිටුවීමට අදාළ පනත වහාම සංශෝධනය කළ යුතු බවද සභාපතිවරයා පෙන්වා දුන්නා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (07) පස්වරුවේ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් බදාදා ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව සම්පූර්ණයෙන් ස්වාධීන ආයතනයක් බවයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය සභාව නිවැරදි තීන්දුවක් ගනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ටී එම් කේ බී තෙන්නකෝන් මහතා කියා සිටියේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ඉගෙනුම ලබන සිසුන් නියමිත සුදුසුකම්වලින් යුක්ත බවයි. එමෙන්ම ඔවුන් දැනට සායනික කටයුතු සඳහා සහභාගි වන නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා ලෙසටද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමාපිය සමිතිය යෝජනා කරනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ ටී එම් කේ බි තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළේ වෛද්‍යවරුන්ට පත්වීම් ලිපි ප‍්‍රදානයේදීම ඔවුන්ට වැඩවර්ජන කිරීම තහනම් කිරීමට පියවර ගත යුතු බවයි.