Friday, March 29, 2024

General line - 0115112241

‍‘ජනපති – අගමැති මහ රෑ හමුවී‘ කතා කළ දේ ගැන ඇමති කබීර්ගෙන් හෙළිදරව්වක්!




යහපාලන ආණ්ඩුව රැකගැනීම සඳහා බැඳී සිටින බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර පෙරදා (13) රාත්‍රියේ පැවති හමුවේදී මේ බව සඳහන් කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෑගල්ල වට්ටාරම ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනාධිපතිතුමා පසුගිය දා කළ ප්‍රකාශය අලලා ගෙන ඒකාබද්ධ විපක්ෂය බොරදියේ මාලු බෑමේ නිරත වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අමාත්‍ය මනෝ ගනේෂන් ද ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

දූෂිතයන්ට දඩුවම් ලබාදෙන ආයතන දේශපාලනකරණීය නොවීමට ජනාධිපතිතුමාට වුවමනාව ඇතැයි තමා විශ්වාස කරන බව මෙහිදී ඔහු පැවසුවා.

රටේ වැදගත් දෙයක් සිදුවද්දි ඒවා පිළිබඳ ජනාධිතිතුමා, අගමැතිතුමා දැනුවත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බවද,ලොව සෑම රටකම සිදුවන්නේ එය බවද ඔහු සඳහන් කළා.