Friday, April 19, 2024

General line - 0115112241

ජනපති අද ඉන්දියාවට




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යනවා.

ඒ, ගෝවා හි පැවැත්වෙන බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහායි.

8වන වරට පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවේ සත්කාරකත්වය හා සභාපතිත්වය මෙවර ඉන්දියාවට හිමිව තිඛෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුවට සහභාගි වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනයකට අනුවයි.

අද සහ හෙට දෙදින පුරා පැවැත්වෙන මෙම සමුළුව පිළිබඳ තවත් තොරතුරු ඉන්දියාවේ ගෝවා හි සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික්‍රමගෙන්.

ඉන්දියාව, චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව යන නැගී එන ලෝක බලවතුන් සමග බංග්ලාදේශය, භූතානය, මියන්මාරය, නේපාලය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් හි නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් බිම්ස්ටෙක් සමුළුව පැවැත්වෙනවා.

සමස්ත ලෝක ජනතාවගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මෙම සංවිධානයට ඇතුළත් වන අතර සාමාජික රාජ්‍යයන්ගේ සමස්ත ආර්ථීකයේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 16යි දශම 6ක් වනවා.

ලෝක දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 37ක් සහ ලෝක වෙළෙඳාමෙන් සියයට 17ක් බ්‍රික්ස් සංවිධානය නියෝජනය කරන රටවල් සතුව පැවතීම ද විශේෂත්වයක්.