Friday, April 19, 2024

General line - 0115112241

ඇමති සාගලගෙන් පොලීසියට ජල බවුසර් (PHOTOS)




නියඟය හේතුවෙන් ඇතිවී ඇති පානීය ජල අර්බුදයට විසඳුමක් ලෙස ජල බවුසර් රථ දෙනියාය ආසනයේ ඇති පොලිස් ස්ථාන සඳහා බෙදාදීම අද (15) සිදුකෙරුණා.

ඒ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් මොරවක, නයාමුල්ල කාර්යාලයේදීයී.

මෙම ජල බවුසර් රථ අමාත්‍යවරයාගේ පුද්ගලික ඉල්ලීමක් මත අග්‍රාමාත්‍ය ලේකම්තුමන්ගේ මැදිහත්වීමෙන් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය වෙත කොරියානු ජනරජයේ Kolon Global Corporation ආයතනයේ පරිත්‍යාගයක් වශයෙන් ලැබී තිබෙනවා.

දෙනියාය ආසනයේ පොලිස් ස්ථාන හරහා ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සලසාදීමට මෙම ජල බවුසර් යොදාගැනීමට නියමිත බවයි එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ.

මින් අකුරැස්ස, පිටබැද්දර, මොරවක, නෙළුව, කොටපොළ, කොස්මෝදර, දෙනියාය ආදී ප්‍රදේශ හා අවට ගම්මානවල සිටින ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයට යම් පිලිසරණක් ලැබෙන බවයි මෙම අවස්ථාවට එක්ව සිටි මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරි ජී.එච්.මාරපන පවසා ඇත්තේ.

sagala-www-nethnews-lk00001 sagala-www-nethnews-lk00002 sagala-www-nethnews-lk00003 sagala-www-nethnews-lk00004