Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති ඉන්දීය අගමැති හමුවෙයි (UPDATE)




බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දියාවට ගිය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග අද (16) පෙරවරුවේ සාකච්ඡා පැවැත්වූවා. ඒ ඉන්දියාවේ ගෝවා හීදීයි.

එහිදී කලාපයීය සුහදතාවය සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. මෙහිදී සම්මුතිගත රීතීන්වලට එහා යමින් ඉන්දු – ලංකා සබඳතා තර කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟතාවය පළ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික‍්‍රම සඳහන් කළේ බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ඉතා වැදගත් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කළ බවයි. ශ්‍රී ලංකාවට බලපෑ අසීරු තත්ත්වයන්වලදී ඉන්දියාව සහය දැක්වූ ආකාරය පිළිබඳවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සිහිපත් කර තිබෙනවා.

මේ අතර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව ශී‍්‍ර ලංකාවට වඩාත් වැදගත් වන්නක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

එහිදී හෙතෙම සඳහන් කළේ “බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් රටවල් ඉන්දියාවේදී හමුවෙන්නේ බිම්ස්ටෙක් රටවල සමුළුවට සමගාමීවයි. ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය තායිලන්තය සහ ශ්‍රී ලංකාව මෙම බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ඉතින් ශ්‍රී ලංකාවට මේක  හොඳ අවස්ථාවක් මෙම කොටස් දෙකේම රටවල් සමග නව සාකච්ඡා ආරම්භ කරන්න.” යනුවෙනි.

cu3rminukaakaro

 


ජනපති අද විශේෂ සාකච්ඡා කිහිපයකට එක්වෙයි

(Oct 16, 2016 @ 06:00)

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අද (16) විශේෂ සාකච්ඡා වට කිහිපයකට සහභාගිවීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික‍්‍රම සඳහන් කළේ ජනාධිපතිවරයා අද පෙරවරුවේ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එමෙන්ම අද පස්වරුවේ ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

ලොව නව බලවතුන් පස්දෙනා සමග ශ්‍රී ලංකාවේ අනාගත අභිලාශයන් පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කරනු ඇති බවත් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමුදිත සමරවික‍්‍රම සඳහන් කළා.

 


ජනපති ඉන්දියාව බලා පිටත්ව යයි

(Oct 15, 2016 @ 20:28)

බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත්ව ගියා.

නෙත් නිව්ස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා, දූත පිරිස 17 ක් සමග රාත‍්‍රී 7 ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ යු. එල්. 171 දරණ යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බවයි.