Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද




ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන අදියරේ ශී‍්‍ර ලංකාව සහභාගි වන අවසන් පූර්ව තරගය අද (16) පස්වරුවේ පැවැත්වෙනවා.

එ් හොංකොං කණ්ඩායමට එරෙහිවයි. එම තරගය පස්වරු 3.00 ට කොළඹ තුරඟ තරග පිටියේදී ආරම්භ වනවා.

ඊයේ (15) පැවති තරගවලදී සිංගප්පූරුව සහ චීන තායිපේ කණ්ඩායම් පරාජය කිරීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ තරග හොංකොංහිදීත් ද, දෙවන අදියරේ තරග දකුණු කොරියාවේදී ද පැවැත්වුණා. එම අදියර දෙකේදීම කුසලාන අනුශූරතාව දිනා ගත්තේ ශ‍්‍රී ලංකාවයි.

1 2 capture