Friday, April 19, 2024

General line - 0115112241

විදුලිය කපනවා නම් හෙට කියයි




ඉදිරි දිනයන්වලදී විදුලි කප්පාදුවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව හෙට (17) දිනයේදී ජනතාවට දැනුම්දෙන බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරය ඊයේ දිනයේදී අක‍්‍රීය වූ අතර පසුව  එය යථාවත් කිරීමට කටයුතු ආරම්භ කෙරුණා.

මේ අතර ඉකුත් දින ගණනාවක් පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි වියළි කාළගුණ තත්ත්වයක් පැවතීම නිසා ජල විදුලි බලාගාරවලටද බාධා එල්ල වුණා. මේ දිනවල වැසි ඇද හැලුනත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් පරිදි වැසි නොලැබෙන බවයි වාර්තා වෙන්නේ.