Tuesday, April 16, 2024

General line - 0115112241

ලොව දෙවන විශාලතම ජේඩ් පාෂාණය මතුවෙයි (PHOTOS)




අමෙරිකානු ඩොලර් මිලියන 170 ක් වටිනා දැවැන්ත ජේඩ් පාෂාණයක් මියන්මාරයෙන් සොයා ගෙන තිබෙනවා. ඒ, පතල් කම්කරුවන් පිරිසක් විසින්.

එහි බර ටොන් 175 ක්. අඩි 19 ක් පමණ දිගකින් යුක්ත වන මෙම ජේඩ් පාෂාණයේ උස අඩි 14 ක්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ලොව දෙවන විශාලතම ජේඩ් පාෂාණය වනු ඇති බවයි.

ලොව විශාලතම ජේඩ් පාෂාණය දැනට පවතින්නේ චීනයේයි. චීනයේ ජේඩ් බෞද්ධ ආරාමයේ බුදු රජාණන් වහන්සේගේ පිළිරුවක් නෙලා ඇති එහි බර ටොන් 260 ක්.

jade-stone-1 jade-stone-2 jade-stone-3