Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹින් කොල්ලකා ගල්නෑවේදී කොටුවෙයි




කොළඹ ආදුරුප්පුවීදිය ප‍්‍රදේශයේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සේවකයින් සිර කර මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකෑ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගල්නෑව ප‍්‍රදේශයේදීයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සතුව තිබී රන් භාණ්ඩ ග‍්‍රෑම් 635 කට ආසන්න ප‍්‍රමාණයක් හා රුපියල් ලක්ෂ 11 ක මුදලක් තැන්පත් කළ බැංකු රිසිට්පතක් ද සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් ගල්නෑව සහ කෑගල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අලූකඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට අද (16) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.