Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති සහ අවුන්සාන් සුකී අතර හමුවක්




ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මියන්මාරයේ විදේශ කටයුතු ඇමති අවුන්සාන් සුකී අතර හමුවක් අද (16) දහවල් සිදු වුණා.

එහි දී අවුන්සාන් සුකී ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙල අගය කරන බවයි. ශ‍්‍රී ලංකාව තුළ සිදු කරමින් පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය ද ඇය මෙහි දී අගය කළා.

දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බවයි අවුන්සාන් සුකී ප‍්‍රකාශ කර ඇත්තේ.

ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙසට ද මෙහි දී ජනාධිපතිවරයා විසින් අවුන්සාන් සුකී හට ආරධනයක් ද සිදු කරනු ලැබුවා. ඓතිහාසික දළදා මාලිගාව සඳහා ඇත් පැටවෙකු ලබා දීමට ද මියන්මාරය එකගතාව පළ කර තිබෙනවා.

මේ අතර බි‍්‍රක්ස් – බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ ගෝවා නගරයට ගොස් සිටින ජනාධිපතිවරයා සහ සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයින් අතර ද්වී පාර්ශවික සාකච්ඡා වට කිහිපයක් ද අද පැවැත්වුණා.

නේපාලයේ සහ භූතානයේ අග‍්‍රාමාත්‍යවරුන් ද ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කළා.

ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) රාත්‍රියේ UL 171 දරණ ගුවන් යානයෙන් බැංගලෝර් ගුවන් තොටුපොළ වෙත ළගා වුණා.

එතැන් සිට ඉන්දියානු විශේෂ ගුවන් යානාවකින් ගෝවා නාවික හමුදා මූලස්ථාන ගුවන් පථය වෙත ළගා වූ ජනාධිපතිතුමා රතු පලස මතින් කැඳවමින් ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබුවා. එම අවස්ථාව පහතින් දැක්වේ.

01-1 01-2 01-3 01-4 01-5 01-6