Friday, April 26, 2024

General line - 0115112241

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඇමති සියඹලාපිටිය කියයි




නොරොච්චෝලේ බලාගාරයේ විදුලි බිඳ වැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳ හෙට (17) දිනයේ ජනතාවට දැනුම් දෙන බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පවතින තත්ත්වය හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ඒ, නොරොච්චෝලේ බලාගාරයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (16) එක්වෙමින්.

පවතින තත්ත්වය හේතුවෙන් රටට අවශ්‍ය කරන විදුලිය ප‍්‍රමාණය සම්පූර්ණයෙන්ම සැපයීමේ ගැටළුවක් ද මේ වනවිට පැන නැගී තිබෙනවා.

නොරොච්චෝලේ බලාගාරයේ ටර්බයින තුනම මේ වනවිට බිඳ වැටී ඇති බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

බිඳවැටී ඇති ටර්බයින තුනෙන් දෙකක් හෝ නැවත පණ ගන්වන තුරු ඉදිරි දින පහ තුළ ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.

නොරොච්චෝලේ බලාගාරය හදිසි බිඳ වැටීමකට ලක් වුණේ ඊයේ (15) දිනයේදීයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නද මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද (16) අදහස් පළ කළා. එම වීඩියෝව පහතින් දැක්වේ.