Saturday, April 20, 2024

General line - 0115112241

කැබිලිත්ත දේවාලයේ කුඩා සියඹලාගස මියයයි – වනජීවී ඇමතිගෙන් අලුත් පැළයක් (PHOTOS/VIDEO)




කැබිලිත්ත පූජා භූමියේ කුඩා සියඹළා ගස මියයාමට පටන් ගෙන තිබෙනවා.

එම සියඹලා ගස අඩි 20ක පමණ උසකින් යුක්ත වන අතර විවිද රසකාරක යෙදු කිරිවළින් දෝවනය කළ නිසා මියයාමට පටන්ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම සිදුවීම මාධ්‍ය මගින් අනාවරණය වීමෙන් අනතුරුව වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇතුළු කණ්ඩායමක් එහි නිරීක්ෂණ කටයුතු සිදු කෙරුවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ උද්භිද විද්‍යාඥ ආචාර්ය භාතිය සුමිත්‍ර ආරච්චි පැවසුවේ විවිද මිනිස් ක්‍රියාකාරකම් මීට හේතු වී ඇති බවයි.

මෙම සියඹලා ගස විනාශ වීම සඳහා බලපෑ සාධක පිළිබඳව ඒ මහතා වැඩිදුරටත් කරුණු දැක්වූ වීඩියෝව පහතින් දැක්වේ.

කැබිලිත්ත පූජා භූමිය සම්බන්ධයෙන් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම කරුණු දැක්වූ වීඩියෝව පහතින් දැක්වේ.

කැබිලිත්ත පූජා භූමියේ අලුතින් සියඹලා පැලයක් රෝපනය කිරීමටද වනජීවී අමාත්‍යවරයා ඇතුළු පිරිස කටයුතු කළා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ

kebiliththa-temple-www-nethnews-lk00001 kebiliththa-temple-www-nethnews-lk00002 kebiliththa-temple-www-nethnews-lk00003 kebiliththa-temple-www-nethnews-lk00005 kebiliththa-temple-www-nethnews-lk00006 kebiliththa-temple-www-nethnews-lk00007