Saturday, April 20, 2024

General line - 0115112241

කවීෂා මියගිය හේතුව හෙළිවේ – අවසන් කටයුතු බදාදා දිනයේ




රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ නව පරපුරේ රංගන ශිල්පිනියක වන කවීෂා අයේෂාණිගේ අවසන් කටයුතු කිරිඳිවැල ප‍්‍රදේශයේ දී ලබන බදාදා සිදු කිරීමට නියමිතයි.

නුගේගොඩ ජුබිලි කණුව ප‍්‍රදේශයේ අද (16) අලුයම සිදු වූ රිය අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්වුණා.

ඇය ගමන් කළ මෝටර් රථය නවතා තිබූ බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ‍

කවීෂාගේ මරණය සිදුව ඇත්තේ හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් බවයි හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ.

24 හැවිරිදි වියේ පසු වූ කවීෂා අයේෂාණි කිරිඳිවැල බෝගහවත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැණුනා.

ඇය සිය 24 වෙනි උපන්දිනයදා ගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ

kavisha-12 kavisha-15 kavisha-27 kavisha-43 kavisha-95