Wednesday, April 24, 2024

General line - 0115112241

විදුලි කප්පාදුවෙන් කොළඹ බේරෙයි




නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

විදුලි කපා හැරීම සතියක කාලයක් සිදු කිරීමටයි නියමිතව ඇත්තේ. කෙසේ වෙතත් කොළඹ නගරයේ විදුලිය කපා හැරීමක් සිදු වන්නේ නැහැ.

පිට පළාත්වලට උදෑසන සහ රාත‍්‍රීයේ පැයක කාලයක් විදුලිය කපා හරිනු ඇති. එම කාල වේලාවන් ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.

කෙසේ වෙතත් රෝහල් සහ කර්මාන්තපුර ආශ‍්‍රිත ප‍්‍රදේශවලටද විදුලිය කපා හැරීමක් සිදු නොවන බවයි අමාත්‍යංශය පැවසුවේ.

නොරොච්චෝලේ බලාගාරයේ ටර්බයින 03 ම ඉකුත් දා බිඳ වැටුණා. ඉන් දෙකක් හෝ නැවත පණ ගන්වන තුරු ඉදිරි සතියක කාලය තුළ විදුලිය සැපයීමේ දී ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි විදුලිබල අමාත්‍යංශය සඳහන් කළේ.

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටී ඇති එක් යන්ත‍්‍රයක් ලබන බ‍්‍රහස්පතින්දා යළි පණගැන්වීමට නියමිතයි.

අනෙක් යන්ත‍්‍රය ලබන ඉරිදා වනවිට පණ ගැන්වීමට බලාපොරොත්තු වන බව ද විදුලිබල අමාත්‍යංශය පැවසුවා.