Friday, April 19, 2024

General line - 0115112241

දිවි නසාගත් හමුදා නිලධාරියා ගැන පරීක්ෂණ අලුත් වෙයි




මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමන් බව පවසමින් ලිපියක් ලියා තබා දිවි හානිකර ගත් විශ‍්‍රාමික බුද්ධි අංශ නිලධාරියා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අලුත් දිශාවකට යොමු වී තිබෙනවා.

කෑගල්ල එපිටගෙදර වත්තේ පදිංචි ඔහු ඉකුත් 14 වනදා අලුයම සිය නිවසේ දී ගෙල වැළලාගෙන මියගොස් තිබුණා. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පේ‍්‍රමානන්ද උදලාගම නමැති හමුදා බුද්ධි අංශ නිලධාරියා නිදහස් කරන ලෙසටයි ඔහු ලියූ ලිපියෙහි දැක්වෙන්නේ. උදලාගම තමාගේ මිතුරෙකු බව ද එහි සඳහන් කර තිබුණා.

එහෙත් එම ලිපියේ උදලාගමගේ නම ලියා ඇත්තේ වැරදි ආකාරයට බවයි මේ වනවිට සිදු කරන ලද පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ.

තමාගේ මිතුරාගේ නම වරදින්නේ කෙසේදැයි යන්න පරීක්ෂණ සිදු කරන කණ්ඩායම්වල සැකයට භාජනය වී ඇති තවත් කරුණක්.

එමෙන්ම ලිපියේ අත් අකුරු සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණයක් ක‍්‍රියාත්මකයි. ආන්දෝලනයට තුඩු දුන් මිලේනියම් සිටි සිද්ධියේ දී මෙම බුද්ධි අංශ නිලධාරියා උදලාගම නමැති බුද්ධි අංශ නිලධාරියා සමග අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර ඇතැයි ද සඳහන්.

මේ අතර දිවි හානිකර ගත් විශ‍්‍රාමික බුද්ධි අංශ නිලධාරියාගේ අවසන් කටයුතු කෑගල්ල පුවක්පිටිය පොදු සුසාන භූමියේ දී ඊයේ (16) පස්වරුවේ සිදු කෙරුණා.