Friday, April 19, 2024

General line - 0115112241

ඉන්දියාව 900 දිනද්දී , නවසීලන්තය වාර්තා පොතට යයි




සිය නවසිය වන එක්දින ක‍්‍රිකට් තරගය ජයග‍්‍රාහීව නිම කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ, නවසීලන්තය සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගය කඩුලු හයකින් ජය ගනිමින්.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය වන මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 190 ක් පමණයි.

ආරම්භක පිතිකරු තොම් ලැතම් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 79 ක් රැස් කළා. එක්දින තරගයක දී ආරම්භක පිතිකරු ලෙස පැමිණ තරගය අවසන් වනතුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටි ලොව දසවන පිතිකරුවා ලෙසට ඔහු වාර්තා පොත් අතරට ද එක් වුණා.

නවසීලන්ත ඉණිමේ දසවන පිතිකරු ලෙස පිටියට පිවිසි ටිම් සවුති සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළා. මෙම තරගය ඔහුගේ සියවන එක්දින තරගය වීම ද විශේෂත්වයක්.

ජයග‍්‍රාහී ඉන්දීය ඉණිම වෙනුවෙන් විරාට් කෝලී නොදැවී ලකුණු 85 රැස් කළා. තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ධර්මශාලා අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.

253569 253576 253577 253589 253590 253593 253594 253599