Friday, April 26, 2024

General line - 0115112241

යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී තනතුර අගෝස්තුවේ සිට පුරප්පාඩුයි




යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී තනතුර මේ වනවිට පුරප්පාඩුව පවතිනවා.

මේජර් ජනරාල් ජගත් ඩයස් එම ධුරයෙන් ඉකුත් අගෝස්තු මාසයේ විශ‍්‍රාම ගැනීමෙන් පසු මේ දක්වා කිසිදු නිලධාරියෙකු ඒ සඳහා පත් කර නැහැ.

නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමේධ පෙරේරා ද ඉකුත් සැප්තැම්බර් මාසයේ විශ‍්‍රාම ගියා.

මේජර් ජනරාල් උභය මැදවෙල, මේජර් ජනරාල් චන්න ගුණතිලක හා මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවේ සිටින සෙසු නිලධාරීන් වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධව කටයුතු කරන මේජර් ජනරාල් උභය මැදවෙල ලබන දෙසැම්බර් මාසයේ විශ‍්‍රාම ගැනීමට නියමිතයි.

ස්වෙච්ඡා බල සේනාධිපති ලෙස කටයුතු කරන මේජර් ජනරාල් චන්න ගුණතිලක, ලබන වසරේ මාර්තු මාසයේදීයි විශ‍්‍රාම ගැනීමටයි නියමිතව ඇත්තේ.

මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මේ වනවිට වන්නි ආඥාපති ලෙස කටයුතු කරනවා. ඔහු විශ‍්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ ලබන වසරේ දෙසැම්බර් මාසයේදීයි.