Friday, April 19, 2024

General line - 0115112241

මල්වානේ ඉඩමට අයිතිකාරයෙක් පැමිණෙයි – ඔහු රාජපක්ෂ ඥාතියෙක්




මල්වාන ප්‍රදේශයේ පිහිටි පොල්වත්ත සහ නිවස අයිතිකරුවෙකු නොමැතිව වෙන්දේසිකරුවෙකු ලවා අලෙවි කිරීමේ තැනට පැමිණ තිබියදී එය තමාට අයත් බව පවසමින් පැමිණි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගැනුණා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද මෙම ඉඩම හා නිවස තමාගේ නොවන බව ප්‍රකාශ කළද පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඔහුගේ ඥාති සහෝදරයෙක්. ඒ ඔහුගේ ඥාතී සහෝදරියක වන නිරුපමා රාජපක්ෂගේ ස්වාමි පුරුෂයා වන තිරුකුමාර් නඬේෂන්. තිරු නඩේෂන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින්. ඒ, බැසිල් රාජපක්ෂට අයත් නොවන බව පැවසූ මල්වානේ ඉඩම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළවයි. ඊට අදාළ ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා තිරුකුමාර් නඬේෂන් අද (17) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවා තිබුණා.

අක්කර 16 කින් යුත් මෙම ඉඩම තිරුකුමාර් නඬේෂන් විසින් 2010 වසරේ නොවැම්බර් මස 25 වනදා රුපියල් මිලියන 64 කට (හයකෝටි හැට ලක්ෂයකට) මිල දී ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. කිසිවෙකුත් හිමිකම් නොකියන අදාළ ඉඩම සහ එහි ඉදිකර ඇති නිවස වෙන්දේසි කරන ලෙස ඉකුත් දා පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කළා.