Friday, April 26, 2024

General line - 0115112241

මාතර සුපර්ලීග් ක්‍රිකට්  ශූරතාව මෙරුන් කණ්ඩායමට




විස්ස 20 මාතර සුපර්ලීග් තරඟාවලියේ අපරාජිත ටීම් ග්‍රීම් පරාජයට පත් කරමින් ශුරතාවය දිනා ගැනීමට මාතර මෙරුන් කණ්ඩායම සමත් වුණා. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් තරඟයේ කාසිය වාසිය දිනා ගනිමින් පන්දුවට පහරදුන් මෙරුන් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටීම් ග්‍රීන් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 94 ක් පමණයි.මේ අනුව ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට මාතර මෙරුන් කණ්ඩායම සමත් වුණා.‍ ඉංදික සේරම්ගේ දක්ෂ නායකත්වයත් සිකුගේ ප්‍රසන්නගේ අත්දැකීම්ද උපයෝගී කර ගත් මෙරුන්ස් කණ්ඩායම සිය ජයග්‍රහණය වාර්තා කළා.

මාතර ඉතිහාසයේ පළමුවරට පැවැති  මෙම තරඟාවලියට කණ්ඩායම් 12 ක් තරඟ වැදුනා.

දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ ,මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරු,මාතර පොලිස් ස්ථානාධිපති මහින්ද කල්දේරා,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් හා විධායක කමිටු සභික සුනිල් මොහොට්ටි යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් ජය සංඛේත ප්‍රදානය සිදු කළ අතර මාතර දිස්ත්‍රික් ක්‍රීකට් සංගමයේ ක්‍රීඩා කමිටු සභාපති රාජ් චන්ද්‍රලාල් මහතාගේ මෙයෙවීම යටතේ එම සංගමය මගින් මෙම තරඟාවලිය සංවිධාන කර තිබුණා.

තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – සන්නි අහමඩ් (ස්පොට් ටෙක් බ්‍රාල්ස්ටර්)

තරඟයේ දක්ෂතම ක්‍රීඩකයා – විකුම් සංජය ( ටීම් මෙරුන්)

හොඳම පිතිකරු – කවිදු උමේෂ් – (ටීම් ග්‍රීන් )

හොඳම පන්දු යවන්නා – චානක කොමසාරු (ටීම් මෙරුන් )

ලකුණු සටහන

ටීම් මෙරුන් 122 -9

විකුම් සංජය  නොදැවී ලකුණු 30

අසාන් දිනුර    15

චානක ද සිල්වා 16 -2

ටීම් ග්‍රීන් 94

චානක කොමසාරු  පන්දු යැවීමේදී  9-4

 

14671211_1104158409680170_7440830212749268443_n 14724580_180509635726659_890342788094377957_n 14732250_1104158456346832_8121998409176947886_n