Tuesday, April 16, 2024

General line - 0115112241

රැකියා බෙදන ඇමතිගේ වීඩියෝව ගැන හිටපු ජනපති කතා කරයි




සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරු වන හම්බන්තොට දිස්ත‍්‍රික් අමාත්‍යවරයෙකු රැකියා ලබාදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා. ඒ, ලුණුගම්වෙහෙර ප‍්‍රදේශයේ පැවති උත්සවකට එක්වෙමින්.

එහි දී මහින්ද රාජපක්ෂ මහතා අදාළ වීඩියෝ පටය ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කරමින් අදහස් පල කළා.

“අපිට කිවුවේ අපේ කාලේ රස්සාවල් දුන්නේ හිතවතුන්ට, මේ කාලේ දෙන්නේ සුදුසු කමට කියලා. මම මේ වීඩියෝ පටයක් දැක්කා. මේ වීඩියෝපටයේ රස්සාවල් දෙන හැටි කියනවා. මේ වැඩිය දුර නෙමෙයි තිස්සමහාරාමේ රස්සාවල් දෙන හැටි. ඒකේ මෙහෙම කියනවා ඉල්ලුම් පත්‍ර අරන් එන්න , පස්දෙනෙක් එන්න පස්දෙනෙක් එන්න. මේ කොට කලිසම ඇඳලා ඉන්නේ තමුන්නාන්සේලාගේ පළාතේ ඉන්න ඇමතිවරයා. කොට ළමයා පියන් වෙන්න, කම්කරු රස්සාවක් දෙන්න, උස ළමයා සිකියුරිටි දාන්න. මේක මම දැක්කේ ෆේස්බුක් එකේ. මේක තමුන්නාන්සේලා අත්දැකීමෙන් දකිනවා ඇති”.

ජනාධිපතිවරයා ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයා එහිදී අදහස් පල කළා.

වැදගත් තීන්දු සමග රටක් ඉදිරියට ගෙන යා හැක්කේ රටේ විධායක ජනාධිපතිවරයා ශක්තිමත්ව සිටීමෙන් බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ.

1-7 3-6 4-5