Friday, March 29, 2024

General line - 0115112241

සංචාරක වීසාවලින් රැකියාවලට ඕමාන් යන කතුන්ට වැඩ වරදී




සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන කිසිදු කාන්තාවකට ගෘහස්ත අංශයේ රැකියා වීසා ලබා නොදීමට එරට රජය තීරණය කර තිබෙනවා. එ් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය සහ ඕමාන් මිනිස්බල අමාත්‍ය සෙයික් අබ්දුල්ලා මහතා අතර පැවති සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙසයි.

කෙසේ වෙතත් යම් විශේෂ හේතුවක් මත ගෘහස්ත රැකියා වීසා නිකුත් කිරීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් එරට පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ අනුමැතිය මත එය නිකුත් එය නිකුත් කරනු ඇති. සංචාරක වීසා මත කාන්තාවන් විදේශ ගත කිරීමේ ජාවාරම මැඩ පැවැත්වීම මෙහි ප‍්‍රමුඛ අරමුණක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ.