Friday, March 29, 2024

General line - 0115112241

උඩවලව වැව් බැම්ම මතදි තිදෙනෙකු අවසන් ගමන් යති




උඩවලව වැව් බැම්ම මත අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක‍ෂයට පත් වුණා.

අප වාර්තාකරු පැවසුවේ කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වූ බස් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවූ බවයි.

ඉන් තවත් 16 දෙනෙකු තුවාල ලැබුවා.

ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.