Thursday, April 25, 2024

General line - 0115112241

විමල්ගේ සොහොයුරා බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට




රක‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ අද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිඛෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළේ හෘද සැත්කමකට අදාළ වැඩිදුර ප්‍රතිකාර සදහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඔහු ජාතික රෝහලට මාරුකර යැවූ බවයි.

පසුගිය මස පළමු වනදා රක‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සරත් වීරවංශ වැඩි කාලයක් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

වාහන අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව චෝදනා ලැබ ඔහු රක‍ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.