Thursday, April 25, 2024

General line - 0115112241

පොලීසියට කිඹුලෙක් ඇවිත් (PHOTOS)




නොච්ච්යගම පොලිසිය තුළට ඊයේ (17) අලුයම තුනට පමණ කිඹුලෙකු පැමිණ තිබෙනවා.

එම පොලිසිය අසල ඇති බණ්ඩාරනායක විදුහල දෙසින් පැමිණ ඇති එම කිඹුලා අපරාධ විමර්ශන අංශයේ අගුලු නොදමා තිබු දොරද විවෟත කරගෙන ඇතුළට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එදින උදෑසන වනතුරු එම කාමරය තුලම කිඹුලාට සිටීමට ඉඩහැරි පොලිස් නිලධාරීන් මේ බව වන ජීවී නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

පසුව පොලිසියට පැමිණි වන ජීවී නිලධාරීන් එම කිඹුලා වනයට මුදාහැරිම සඳහා රැගෙන ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

දිගින් අඩි නවයක් පමණ වූ කිඹුලාගේ පැමිණීම නිසා උදය වරුවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහාද බාධා පැමිණ තිබුණා .

police-www-nethnews-lk00001 police-www-nethnews-lk00002