Wednesday, April 24, 2024

General line - 0115112241

පොකිරිස්සන් යළි මුහුදට (PHOTOS)




නීති විරෝධීව අල්ලන ලද පොකිරිස්සන් නව දෙනෙකු බලපිටිය වැල්ලබඩ ප‍්‍රදේශයේ දී නැවත මුහුදට මුදා හැරුණා. ඒ, වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුවේ බලපිටිය ජීවිතාරක්ෂක පුහුණු පාසලේ නිලධාරීන් විසින්.

මෙම පොකිරිස්සන් අල්ලන ලද ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටි අතර ඔවුන්ට රුපියල් තුන්දහස බැගින් දඩ නියම කෙරුණා.

අධිකරණයේදී ප‍්‍රකාශ කෙරුණේ බලපිටිය වැල්ලබඩ ප‍්‍රදේශයේ දී වල්ලමකින් ගොස් ඔවුන් මෙම පොකිරිස්සන් අල්ලා ඇති බවයි.

පොකිරිස්සන් විශේෂයෙන්ම විදේශිකයින් අතර ජනප‍්‍රිය ආහාරයක් වනවා.

කෙසේ වෙතත් සෑම වසරකම පෙබරවාරී, සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් ඇල්ලීම තහනම් වනවා. පොකිරිස්සන්ගේ අභිජනනය සිදු වන්නේ එම කාලයේදීයි.

sea-www-nethnews-lk00001 sea-www-nethnews-lk00002 sea-www-nethnews-lk00003