Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා එංගලන්ත දිවා රෑ තරඟය අද




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය අද (29) පැවැත්වෙනවා. දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ලන්ඩනයේ කෙනින්ටන්  ඕවල් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු සමවී ජය පැරදුමෙන් තොරව නිමා වූ අතර දෙවන තරගයෙන් එංගලන්තය කඩුලූ 10 ක ජයක් අත කර ගත්තා. බි‍්‍රස්ටල් හිදී පැවති තුන්වන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම එකට බිංදුවක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටිනවා.

ශ‍්‍රී ලංකාව තරගාවලියේ ජයග‍්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඇති කර ගැනීමට නම් අද තරගය ජයග‍්‍රහණය කිරීම අනිවාර්ය වනවා.