Thursday, April 18, 2024

General line - 0115112241

අගමැතිට චොකලට් හදන්නත් පුළුවන් (PHOTOS)




බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර සංචාරයේ නිරත වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ඊයේ (17) වන දා සවස ලොව්රාන් ජබාඩ් (Laurent Gerbaud) චොක්ලට් නිෂ්පාදනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූණා.

චොක්ලට් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමු ද්‍රව්‍යයන් බෙල්ජියමෙහි නැතත්, 17 වන සියවසේ සිටම චොක්ලට් නිෂ්පාදනය සම්බන්ධව ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් ලෙස බෙල්ජියම හැදින්විය හැකියි.

වර්තමාන බෙල්ජියම් චොක්ලට් නිෂ්පාදනයට නව මානයක් එක් කරමින්, විවිධ නිර්මාණශීලී චොක්ලට් නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කරන ආයතනයක් ලෙස ලොව්රාන් ජබාඩ් (Laurent Gerbaud) ප්‍රසිද්ධියක් උසුලනවා.

එහි අධිපති ලොව්රාන් ජබාඩ් මහතා විසින් එම ආයතනයට පැමිණි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස පිළිගත් අතර තම ආයතනය සම්බන්ධ තොරතුරු හෙළි කළ ජබාඩ් මහතා, ශ්‍රී ලාංකේය කුළුබඩු භාවිත කරමින් රස ගන්වන චොක්ලට් නිෂ්පාදනය කිරීම සම්බන්ධවද පැහැදිලි කර තිබෙනවා.

එවැනි චොක්ලට් සාදන ආකරය පෙන්වා දුන් ජබාඩ් මහතා, වික්‍රමසිංහ මහතාට ද චොකලට් සෑදීමට ආරාධනා කළ අතර අග්‍රාමාත්‍යවරයාද ඊට එකඟ වී තිබෙනවා.

වික්‍රමසිංහ මහතා චොකලට් සෑදීමට එක්වූ අතර, එය ඒ අවස්ථාවට එක්වූ සියළු දෙනාටම සොඳුරු අත්දැකීමක් වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය එවූ නිවේදනයක දැක්වෙන්නේ.

වික්‍රමසිංහ මහතා සෑදූ චොක්ලට් එතැන සිටි සියළු දෙනාටම රස විඳීමට අවකාශ ලැබුණු අතර, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට රස බැලීම සඳහා ඉන් කොටසක් වෙන් කර ගැනීමට වික්‍රමසිංහ මහතා අමතක නොකළ බවද එම නිවේදනයේ සඳහන් වනවා.

සංචාරක කර්මාන්තය පුළුල් කරලීමේ දී, චොකලට් නිෂ්පාදනය ඔස්සේ සිදු කළ හැකි මෙහෙය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ගෘහ කර්මාන්තයක් හා සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්තයක් ලෙස සුවිශේෂී මට්ටමින් චොකලට් නිෂ්පාදනය කරලීමේ හැකියාව සම්බන්ධව ද සොයා බැලූණු අතර, ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳ පර්යේෂණාත්මක සොයා බැලීම් කළ යුතු බව ද අවධාරණය වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා, අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා සහ බෙල්ජියම් තානාපති කාර්යාලයේ වාණිජ අංශ අමාත්‍ය ගෝතමී සිල්වා යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් ව සිටියා.‍

pm-www-nethnews-lk00001 pm-www-nethnews-lk00002 pm-www-nethnews-lk00003 pm-www-nethnews-lk00004 pm-www-nethnews-lk00005