Saturday, April 20, 2024

General line - 0115112241

පළමු තරගය පාකිස්ථානය ජයගනී




බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 56 කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා.

ජයග‍්‍රහණය සඳහා සිය දෙවන ඉණිමේ දී ලකුණු 346 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන්ට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 289 ක් පමණයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉණිම ලකුණු 357 කට සීමා වුණා.

පාකිස්තානය පළමු ඉණිමේ දී කඩුලු 03 ක් දැවී ලකුණු 579 යි. දෙවන ඉණිමේ දී ඔවුන් ලකුණු 123 කට සියලු දෙනා දැවී ගියා.

තරගයේ වීරයා වුණේ පාකිස්තාන කණ්ඩායමේ අසාර් අලීයි. ඩුබායි අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුණා.