Saturday, April 20, 2024

General line - 0115112241

තිරිමාන්න යළි අසාර්ථක වෙයි !




ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සිව්දින ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

තරගයේ පළමු දිනය වූ ඊයේ (18) දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකාව කඩුලු 7කට ලකුණු 272ක් රැස්කරගෙන සිටියා.

සඳුන් වීරක්කොඩි ලකුණු 79ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 69ක් රැස්කළා. පළමු සිව්දින තරග දෙකේදී මෙන් මෙම තරගයේදී ද ලහිරු තිරිමාන්න යළි අසාර්ථක වීම කැපී පෙනුණා.

දිමුත් කරුණාරත්න වෙනුවට මෙම තරගයේදී ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මෙහෙයවන්නේ ද ලහිරු තිරිමාන්නයි.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී තරගය පැවැත්වෙනවා.

cric-www-nethnews-lk00001 cric-www-nethnews-lk00002 cric-www-nethnews-lk00003 cric-www-nethnews-lk00004 cric-www-nethnews-lk00005 cric-www-nethnews-lk00006