Saturday, April 20, 2024

General line - 0115112241

මැතිව්ස් – චන්දිමාල් – රංගන දැන් ක්‍රිකට් ආයතනයේ




ක්‍රීඩක ගිවිසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ වන විට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල අතර දැන් පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදීයි.

මෙම සාකච්ඡාවට නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් එක්ව සිටිනවා.

නව ගිවිසුමට අදාළ ගෙවීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනාගෙම කළමණාකරු වන්නේ චාලි ඔස්ටින්.

ලැබෙන ගෙවීම්වලින් 10% මුදලක් කළමණාකරුට හිමි වනවා. නව ගෙවීම් පටිපාටිය සමගින් කළමණාකරුවන්ට හිමිවන්නේ සුළු මුදලක්. දැන් පැවැත්වෙන සාකච්ඡාවේදී එම කරුණු පිළිබඳවද වැඩි වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.