Thursday, April 25, 2024

General line - 0115112241

වැඩබලන මහේසත්‍රාත්ගේ පුත්‍රයා කළ වැඩේ අල්ලයි




වැඩබලන මහේස්ත‍්‍රාත්වරයෙකුගේ පුත‍්‍රයෙකු විසින් මොරගහහේන ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අනවසර ගල්වලක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ කෙරුණු මෙම වැටලීම සඳහා භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. අදාළ ස්ථානයේ අනවසර පස් කැපීමේ ජාවාරමක්ද සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් වැටලීම සිදුකරන අවස්ථාවේ අදාළ වැඩබලන මහේස්ත‍්‍රාත්වරයාගේ පුත‍්‍රයා එම ස්ථානයේ රැඳී සිට නැහැ.

එම ස්ථානයේ සිටි පුද්ගලයින් 7 දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනුනා. ටිපර් රථ දෙකක් සහ එස්කෙවේටර් යන්ත‍්‍ර දෙකක්ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මොරගහහේන පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.