Tuesday, April 23, 2024

General line - 0115112241

අද කොන්ත්‍රාත් අත්සන් නොකළොත් වෙනම කණ්ඩායමක් පිටියට එයි




වාර්ෂික කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව සඳහා කී‍්‍රඩකයින් ගිවිසුම් අත්සන් කිරීමට තවත් කල් ලබා ගන්නේ නම්, එළැඹෙන සිම්බාබ්වේ තරග සංචාරයට වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ ගිවිසුම් අත්සන් කිරීමට ලබාදුන් කාලය අද (20) දහවල් 12.00 න් අවසන් වන බවයි. නව කී‍්‍රඩක කොන්ත‍්‍රාත් ගෙවීම් සම්බන්ධයෙන් පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ දිනේෂ් චන්දිමාල් ඊයේ (19) රාත‍්‍රියේ කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල මහතා සමග සාකච්ඡාවකද නිරත වුණා.

එ් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේදීයි. ඔවුන් එහිදී මෙම නව කි‍්‍රකට් කොන්ත‍්‍රාත් ගිවිසුමේ ඇති කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

නව වාර්ෂික කොන්ත‍්‍රාත්තුවෙන්, තරග දීමනා, ඉකුත් කොන්ත‍්‍රාත්වට වඩා අඩු කර තිබීම කී‍්‍රඩකයින්ගේ දැඩි අප‍්‍රසාදයට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඉකුත් වසරට සාපේක්ෂව සියයට 40 ක පමණ මුදලක් පළමු කාණ්ඩයේ සිටින කී‍්‍රඩකයින්ගෙන් අඩු වී තිබීමද කැපී පෙනෙනවා. කෙසේ කෙසේ වෙතත් සිම්බාබ්වේ සංචාරයට පමණක් විශේෂ කොන්ත‍්‍රාත්වක් යටතේ කී‍්‍රඩකයින් තරග වැදීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වැඩිදුරටත් වාර්තා වුණේ.

නව වාර්ෂික කොන්ත‍්‍රාත්තුව අනුව පළමු කාණ්ඩයට ඇතුළත්ව සිටින නායක ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ දිනේෂ් චන්දිමාල්ට රුපියල් ලක්ෂ 125ක් වාර්ෂික හිමිවනවා. දෙවන කාණ්ඩයට ඇතුළත් කී‍්‍රඩකයින්ට හිමිවන වාර්ෂික මුදල රුපියල් මිලියන 8ක්. තුන්වන කාණ්ඩයේ කී‍්‍රඩකයින් සඳහා රුපියල් මිලියන 6 ක් නව කොන්ත‍්‍රාත් ගිවිසුම අනුව හිමිවනවා.