Friday, April 19, 2024

General line - 0115112241

ඇවන්ට් ගාර්ඞ් සමාගමේ සභාපතිට විදෙස්ගත වීමට අවසර




ඇවන්ට් ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට වසරක කාලයක් විදේශගත වීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය අද අවසර ලබාදුන්නා.

ඇවන්ට් ගාර්ඞ් පුද්ගලික සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමෙන් රජයට රුපියල් බිලියන 11. 4ක් පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ විදේශ ගමන් අත්හිටුවා තිබුණා.

සුෂුම්නාවේ ආබාධයකට ශල්‍යකර්මයක් සිදුකිරීමට ජර්මනියට යාමට තමාට අවසර දෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.