Friday, April 26, 2024

General line - 0115112241

උදයංග වීරතුංග අල්ලන්න ජාත්‍යන්තර පොලිසියේ සහාය




රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා.

ඒ 2007 වසරේදී මිග් යානා 7ක් මිලදී ගැනීමේ ගණුදෙනුව සම්බන්ධවයි.

පසුගිය 11වනදා උදයංග වීරතුංග මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබුවා.

ඔහු සිටින ස්ථානයක් සොයා ගැනීමට නොහැකි බවයි අධිකරණයට දැනුම්දී ඇත්තේ.