Wednesday, April 17, 2024

General line - 0115112241

පස් කැපීම සහ වනාන්තර එළි කිරීම ඉදිරියේ ජනපති අනුමැතියට




පස් කැපීම සහ වනාන්තර එළි කිරීම පිළිබඳ තමාගේ ද අනුමැතිය ලබාගත යුතු බවට නීති ගෙන එන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මධ්‍යම පරිසර අධිකාරියේ අද පැවති උත්සවයකට එක්වෙමින්.

පස් කැපීම් සහ වනාන්තර එළිකිරීම් පිළිබඳ දැනට තිබෙන ආයතනික ව්‍යුහය තුළ සියලූ ආයතනවල අනුමැතිය හිමිවුවද අවසානයේ තමාගේ ද අනුමැතිය ලබාගැනීමට අදාළ චක‍්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.