Friday, April 19, 2024

General line - 0115112241

අත්සන් කළා ප්‍රශ්නයක් නැහැ – මැතිව්ස් කියයි




මැතිව්ස් සමග ක්‍රීඩකයින් 17දෙනෙකු වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට අද දහවල් අත්සන් තැබුවා ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදයි.

වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ඇතුළත් කරුණු පිළිබඳ කිසිදු ගැටලූවක් නොමැති බවයි නායක ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී මාධ්‍ය හමුවේ පැවසුවේ.

කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම සඳහා ක්‍රිඩකයින් කිහිපදෙනෙකු මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ සිටිනවා.

ගිවිසුමේ අඩංගු කරුණු දෙකක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් තවදුරටත් විරෝධය පළ කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ සියලූ ක්‍රිඩකයින් ඊයේ දිනයේ ගිවිසුම් අත්සන් කිරීමට ලිපියකින් එකඟතාව පළ කළ බවයි.

මේ අතර එළැඹෙන සිම්බාවේ සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම සඳහා අද පස්වරු 1ට ජාතික තේරීම් කමිටුවද කි්‍රකට් ආයතනයට කැඳවා තිඛෙනවා.