Friday, March 29, 2024

General line - 0115112241

සිව්වන එක්දින තරගය අද




එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර සිව්වන එක්දින තරගය ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් පිිටියේදී අද (29) පැවැත්වෙනවා. මීට පෙර පැවති තරග 03 න් එක් තරගයක් එංගලන්තය ජයගත් අතර අනෙක් තරග දෙක විසඳුමකින් තොරව අවසන් වුණා.

අද පැවැත්වෙන තරගයේදී එංගලන්තය පරාජය කරමින් යළි තරගාවලියට අවතීර්ණ වීමට සූදානම් බව ශ‍්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සිය කණ්ඩායමේ යොවුන් ක‍්‍රීඩකයන් මේ වන විට දක්ෂතා දක්වමින් සිටීම කණ්ඩායමේ මානසික තත්ත්වය ඉහළ දැමීමට හේතුවක් වී ඇති බවයි.