Friday, March 29, 2024

General line - 0115112241

සිම්බාබ්වේ සංචාරයෙන් චන්දිමාල් ඉවතට




සිම්බාබ්වේ සංචාරයට සහභාගි වන ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබෙනවා. ඒ, ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ඉකුත් සැප්තැම්බර් 19 වෙනිදා චන්දිමාල් සහභාගි වූ දේශීය තරගයකදී ඔහුගේ මාපට ඇඟිල්ලක් ආබාධයකට ලක්ව ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙම සංචාරයට නම් කළ ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබෙනවා.

කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල් සහ ලක්ෂාන් සඳකැන් එම සංචිතයට ඇතුළත්.

ඊට අමතරව ටෙස්ට් වරම් නොලැබූ නවක ක‍්‍රීඩකයින් වන කසුන් මධුසංඛ, ලහිරු කුමාර, ලහිරු ගමගේ, අසේල ගුණරත්නද මෙම සංචිතයට නම් කර තිබෙනවා.
01