Friday, April 26, 2024

General line - 0115112241

නුගේගොඩ සහ දෙහිවල ගුවන් පාලම් ආශ්‍රිතව රථ වාහන පෙරහුරුවක්




නුගේගොඩ සහ දෙහිවල ගුවන් පාලම් ආශ‍්‍රිතව විශේෂ රථවාහන පෙරහුරුවක් කි‍්‍රයාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා.

මේ මස 25 වෙනිදා සිට 28 වෙනිදා දක්වා දින 4ක් එම පෙරහුරුව සිදුකෙරෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

ඒ අනුව උදෑසන 7.00 සිට 8.00 දක්වා එම ගුවන් පාලම් හරහා කොළඹට ඇතුළු වන වාහන පමණක් ගමන් කරවීමට නියමිතයි.

සවස 5.30 සිට 6.30 දක්වා කොළඹින් පිටවන වාහන පමණක් නුගේගොඩ සහ දෙහිවල ගුවන් පාලම් ඔස්සේ ගමන් කරවීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.