Thursday, March 28, 2024

General line - 0115112241

අධ්‍යාපනයෙන් බිලියන 119ක් කපා දැමීම ගැන ගුරු සංගම් කණස්සල්ලෙන්




ඉදිරි වසරේ අධ්‍යාපනය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 109කින් අඩු කිරීම පිළිබඳ ලංකා ගුරු සංගමය කණස්සල්ල පළ කරනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් ඒ පිළිබඳව මෙලෙස කරුණු දැක්වූවා.

“ගිය අයවැයෙන් අධ්‍යාපනයට බිලියන 185.9ක් වෙන් කළා. මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරලා තියෙන්නේ බිලියන 76.9යි. එතකොට බිලියන 109ක් අඩුකරලා තියෙනවා. දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් වෙන්කරනවා කියපු ආණ්ඩුව, ගිය අයවැයෙන් අපි දන්නවා දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 2 දක්වා තමයි ගෙනාවේ. ඊට පස්සේ ඔවුන් සඳහන් කළා ක්‍රමානුකූලව ඉදිරියට ගෙනියනවා කියලා. අද වෙනකොට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 1කට ආසන්න තත්ත්වයකට තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. මේක බරපතල අපරාදයක්, පැහැදිලිවම මේ රටේ ජනතාව අපේක්ෂාකරපු දේ නෙමෙයි වෙන්නේ. ඉතාම කණගාටුයි ඉතිහාසයේ කිසිම රජයක් මේ ආකාරයට වෙන්කරපු මුදලක් අඩුකරලා නැහැ. මේ රජය හැබැයි කරලා තියෙනවා. අපි දැඩි ලෙස විරුද්ධ වෙනවා මේ කාරණාවට. අපි බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියළුම අය එක්ක එකතුවෙලා මේකට එරෙහිට පුළුල් ක්‍රියාමාර්ගයකට යන්න”.