Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා A පිල තරගාවලිය ජය ගනී




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සමග පැවති තුන්වන නිල නොවන සිව්දින ක‍්‍රිකට් තරගය ලකුණු 138කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමු ඉනිමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 318ක් රැස්කළ අතර කොදෙව් කණ්ඩායම රැස්කළේ ලකුණු 243ක් පමණයි.

දෙවන ඉනිමේදී ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 257ක් රැස්කළා. කොදෙව් ‘ඒ’ කණ්ඩායමට දෙවන ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194ක් පමණයි.

ඒ අනුව දෙකට එකක් ලෙස මෙම සිව්දින ක‍්‍රිකට් තරගාවලියේ ජයග‍්‍රහණය ද ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හිමිවුණා.

14800987_10211034745370889_141142440_n