Saturday, April 20, 2024

General line - 0115112241

දුම්රියක් පීලි පැන 53 ක් මරුට – තුවාල ලැබූවන් 600 කට ආසන්නයි (VIDEO)




කැමරුන් රාජ්‍යයේ දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබෙනවා. කැමරුන්හි විශාලතම නගර දෙක වන යවුන්ඬේ සහ ඩොව්වාලා අතර ධාවනය වෙමින් තිබියදී දුම්රිය පීලිපැනීමට ලක්වුණා.

අනතුර සිදුවන අවස්ථවේ එම දුම්රියේ මගීන් 1300 ක් පමණ ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එහෙත් දුම්රියේ ගමන් කිරීමේ ඉඩකඩ තිබී ඇත්තේ 600 දෙනෙකුට පමණයි.

සාමාන්‍යයෙන් ගෙන යා හැකි මගීන් ප‍්‍රමාණයට වඩා අධික ලෙස මගීන් රැගෙන යාම හේතුවෙන් අනතුරෙන් තුවාල ලැබූ සහ මියගිය ප‍්‍රමාණය ඉහළගොස් ඇති බවයි පැවසෙන්නේ.

එරට ප‍්‍රවාහන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධියෙන් පුද්ගලයින් 575 කට වැඩි පිරිසකට තුවාල සිදුවී ඇති බවට මේ වන විට වාර්තා වී ඇති බවයි. මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

995d3a98f04644fa80982384ad0b2402_18 14639587_314306945606936_7260943460641240179_n 14642231_314306845606946_514414605305823617_n 14650514_314306865606944_4792930043878240170_n 14650658_314306922273605_1719489586929320816_n 14680620_314306878940276_2199467504415863943_n 14705779_314306835606947_7400118935476622526_n b92596bcf818491286884fe84ea6db75_18