Thursday, March 28, 2024

General line - 0115112241

මැතිව්ස්ව සිම්බාබ්වේ තරගයට යවන්න ක්‍රිකට් ආයතනය උපරිම උත්සහයක




සිම්බාබ්වේ තරග සංචාරය සඳහා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගිත්වය ද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

පාදයේ පවතින ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ට මාසයක කාලයක් යන තෙක් පන්දු යැවීමෙන් වළකින ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ.

මේ හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් හෙට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට ද පෙනී සිටීමට නියමිතයි. එහෙත් සිම්බාබ්වේ සංචාරය සඳහා මැතිව්ස් කෙසේ හෝ සහභාගි කරවීමට ක්‍රිකට් ආයතනය උත්සහ කරන බවද වාර්තා වුණා.

ඒ අනුව මැතිව්ස් පන්දු යවන්නෙකු ලෙස නොව පිතිකරුවෙකු ලෙස පමණක් එම සංචාරය සඳහා යොදා ගැනීමටයි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී ඇත්තේ.

ඇඟිල්ලක ආබාධයක් හේතුවෙන් දිනේෂ් චන්දිමාල් ද සිම්බාබ්වේ ටෙස්ට් සංචිතයෙන් ඉවත් කෙරුණා.